තක්ෂින් ෂිනවත් නිදහස ලබයි

තක්ෂින් ෂිනවත් නිදහස ලබයි

February 18, 2024   11:02 am

දූෂණ අක්‍රමිකතා චෝදනා මත සිරදඩුවම් නියම ව සිටි තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත් නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබිණි.

74 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාට වසරක සිරදඩුවමක් නියම ව තිබිණි.

කෙසේ වෙතත් සෞඛ්‍ය හේතුන් මත ඔහු එරට පොලිස් රෝහලක රඳවා සිටි අතර, එක්දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටි බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

දුෂණ අක්‍රමිකතා චෝදනා මත තක්ෂින් ෂිනවත්ට වසර 08ක සිරදඬුවමක් නියම වී තිබුණ  ද තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගනු ලැබීය.