පියුමා ගැන අධිකරණ නියෝගයක්

පියුමා ගැන අධිකරණ නියෝගයක්

February 16, 2024   12:30 pm

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන "පියුමා" ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.   

ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එම පැය 72ක ඊයේ සිට ගණනය කරනු ලබයි.

පියුම් හස්තික නොහොත් පියුමා කුඩු සලිඳුගේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙයි.

ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා  ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව අනාවරණ වී තිබුණි.