තවත් 863ක් යුක්තිය යටතේ අත්අඩංගුවට

තවත් 863ක් යුක්තිය යටතේ අත්අඩංගුවට

January 12, 2024   10:13 am

යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.  

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
  
හෙරොයින්  303gය 384mg
අයිස් මත්ද්‍රව්‍ය 141gය 750mg
ගංජා 10kg 565g 
ගංජා පැළ 66,0573ක්
ගංජා සුරුට්ටු 04ක්
මාවා මත්ද්‍රව්‍ය 542g 
තූල් 29g 810mg
මත්පෙති 1,250ක් 
හෑෂ් 1g 610mg
මදනමෝදක ගුලි 135g 
කුෂ්  1g 150mg