තවත් රැඳවියන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ

තවත් රැඳවියන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ

January 6, 2024   10:04 pm

උණ රෝගය වැළඳුණු තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 07 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී රැඳවියන් 05 දෙනෙකු රෝහල්ගත කළ අතර අද දිනයේදී තවත් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඊයේ දිනයේ ඇතුළත් කළ රැඳවියන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ හේතුවෙන් මියගිය අතර ඉන් අනතුරුව රැඳවියන් කිහිපදෙනෙකු උණ රෝගයට ගොදුරුවු පළමු අවස්ථාව මෙය වෙයි.

මේ අතර උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ මාතර බන්ධනාගාර රැඳවියන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද බන්ධනාගාර මුලස්ථානය සඳහන් කළේය.