ජපාන ගුවන් අනතුරෙන් 5කට දිවි අහිමිවෙයි

ජපාන ගුවන් අනතුරෙන් 5කට දිවි අහිමිවෙයි

January 2, 2024   06:34 pm

ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා ඉන් දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එම යානයේ ගැටුණු  හොකයිඩෝ සිට පැමිණි JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත.