වැලිගම වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
December 31, 2023 07:18 am
වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්ය.
වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව වාර්තා වේ.
වැලිගම - පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද (31) අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් වෙඩි තබා ඇත.
එහි දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බව වාර්තා වේ.
