ගෙවුණු පැය 24 තුළ 1534ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ 1534ක් අත්අඩංගුවට

December 24, 2023   08:00 am

අද (24) අලුයම අවසන් කෙරුණු යුක්තිය පැය 24ක මෙහෙයුම් තුළින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.

තවත් පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ බව සඳහන් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට දින 03ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය බැවින් මෙලෙස මෙම මෙහෙයුම තාවකාලිකව නතර කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.