තමාට එල්ල වී ඇති මරණ තර්ජන ගැන ඇමති රොෂාන්ගෙන් හෙළිදරව්වක්

තමාට එල්ල වී ඇති මරණ තර්ජන ගැන ඇමති රොෂාන්ගෙන් හෙළිදරව්වක්

November 27, 2023   11:01 am

පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා."