මනුෂ්‍ය ඝාතනයකට සැකපිට තරුණියක් ඇතුළු 3ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට තරුණියක් ඇතුළු 3ක් අත්අඩංගුවට

October 29, 2023   10:47 am

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි තරුණියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාමනාදපුරම් මායානූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාමනාදපුරම් පොලීසිය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පසුගිය 25 වනදා එම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 16 හැවිරිදි සහ 17 හැවිරිදි වියේ පසුවන අතර සැකකාරිය 18 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් මායානූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මූලීක විමර්ශනවලදී අනාවරණය වී තිබේ.