ගුවන් නියමුවන් 60 දෙනෙකු සේවයෙන් ඉවත් වෙයි

ගුවන් නියමුවන් 60 දෙනෙකු සේවයෙන් ඉවත් වෙයි

September 14, 2023   10:11 pm

පසුගිය සමයේ රටේ ඇති වූ අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, ගෙවුණු වසර තුළ ගුවන් නියමුවන් 60කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් ව ගොස් තිබේ.

ඒ අනුව ඇති වූ ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා ප්‍රකාශ කළේ, ඊට රජයේ අනුමැතිය හිමි ව ඇති බවයි.