කළුතර පුද්ගල ඝාතනයක්

කළුතර පුද්ගල ඝාතනයක්

September 1, 2023   03:29 pm

කළුතර මුදුන මහගම ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර සිදුවූ ගැටුමකදී එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට පොල්ලකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා මියගොස් තිබේ. 

ඔවුන් දෙදෙනා මිතුරන් වන බවත් සැකකරුගේ නිවසේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.

ගැටුමක් දුරදිගයෑමෙන් සැකකරු විසින් කිතුල් පොල්ලකින් මෙම පුද්ගලයාගේ හිසට පහරදී තිබේ.

පසුව ඔහු අසල්වැසියෙකුට පවසා ඇත්තේ තමන් සිය මිතුරාට පහර දුන් බවත් ඔහුව රෝහලකට රැගෙන යන ලෙසත්ය.

පහරදුන් සැකකරු සිය 12 හැවිරිදි පුත්‍රයාද රැගෙන ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රථිකර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මහගම, මුදුන මහගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අගලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.