ලක්ෂ 2කට වැඩි පිරිසකට පානීය ජල අර්බුදයක්

ලක්ෂ 2කට වැඩි පිරිසකට පානීය ජල අර්බුදයක්

August 18, 2023   01:21 pm

වියළි කාලගුණය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය අක්කර 50,000 ඉක්මවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වී වගාවට සිදුව ඇති හානි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ නිකුත් වීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, වියළි කාලගුණයෙන් දිවයින පුරා බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, අද (18) දිනය වන විට දිස්ත්‍රික් 15ක පවුල් 60,943කට අයත් පුද්ගලයන් 210,652ක් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

මේ අතර, පළාත් කිහිපයක හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල තවදුරටත් වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා අවධාරණය කරයි.