උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය ධාවනයට බාධා

August 16, 2023   08:21 am

ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් දුම්රිය 07ක ධාවන මේවන විට ප්‍රමාද වී ඇති බවය.

කොළඹින් පිටත්වන දුම්රිය රඹුක්කන දක්වා පමණක් ධාවන වන අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කඩුන්නාව දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ‍.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගස ඉවත් කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති අතර දුම්රිය මාර්ගයෙන් පහළ කොටසේ නිවාස ඇති බැවින් ඒ සඳහා පැය කිහිපයක් ගත වනු ඇති බවය.