ගුවනින් ආ කුෂ් මත්ද්‍රව්‍ය අල්ලයි

ගුවනින් ආ කුෂ් මත්ද්‍රව්‍ය අල්ලයි

August 15, 2023   01:49 pm

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.

රේගු නිලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම සිදුකර තිබූ අතර එහිදී අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇත.

රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවය.