කලම්බු ඩොක්යාඩ් දැවැන්ත නිර්මාණය

කලම්බු ඩොක්යාඩ් දැවැන්ත නිර්මාණය

July 27, 2023   10:02 pm

කලම්බු ඩොක්යාඩ් සමාගම විසින් නිර්මාණය කළ SOPHIE GERMAIN නෞකාව අද (27) වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිරික්ෂණය කළේය.

ප්‍රංශයේ ඔරේන්ජ් මැරයින් සමාගම සඳහා නිර්මාණය කර ඇති මෙම නෞකාව සමූද්‍රීය පතුළේ රැහැන් එළීමේ කටයුතු ඇතුළු සමූදීය ඉදිකිරීම් කටයුතු සහ අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

දිගින් මීටර් 100 ක් වන මෙම නෞකාව මඟින් මෙරටට ලැබී ඇති විදේශ විනිමය යූරෝ මිලියන 50 කි.