දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

July 23, 2023   10:23 pm

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ. 

ඒ අනුව අද (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති අතර හෙට (24) දිනයේ උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බව වාර්තා වේ.