ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්

July 19, 2023   10:02 pm

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අද (19) එම ගැටුම හටගෙන ඇති බව වාර්තා විය.

ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුජිත් ප්‍රසන්න නොහොත් "ඇන්ටා" නමැති රැඳවියෙකුය. 

බන්ධනාගාරය තුළදීම සකසන ලද පිහියකින් ඔහුට පහරදී තිබුණේ, බූස්ස ප්‍රදේශයේ පදිංචි කන්දෙ අසංක නමැති රැඳවියෙකු විසින්ය.