රත්‍රන් කිලෝ 08ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රත්‍රන් කිලෝ 08ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

July 12, 2023   09:02 pm

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ අද (12) අලුයම් කාලයේ දී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. 

එහිදී එම කළපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර පරීක්‍ෂා කළේය.

එම ඩිංගි යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන පාර්සල් හතරක අසුරන එම රත්‍රන් තොගය මෙලෙස නාවික හමුදා භාරයට ගැනුණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.