අමරකීර්ති ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්
July 7, 2023 02:10 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් 32ක් ජුලි මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට අද අධිකරණය නියෝග කළේය.
එම සැකකරුවන් ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.
