අමරකීර්ති ඝාතනයේ 42කට නඩු පවරයි

අමරකීර්ති ඝාතනයේ 42කට නඩු පවරයි

June 12, 2023   05:36 pm

ඉකුත් වසරේ මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

එම අධිචෝදනා විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති අතර විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ජුනි මස 19 වනදා නීති කෘත්‍යය කැඳවීමට නියමිතය.