ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

January 21, 2023   08:07 am

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (21) පැය 09ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

පෙරවරු 11.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ හා රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වනු ඇති.

විදුලි බල මණ්ඩලය සිදුකරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.