නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

January 5, 2023   09:30 am

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබේ.

අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇත.

මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව සැසියේ සජීවි දර්ශන ඉහතින් දැක්වේ.