සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයක

May 9, 2024   08:04 am

සිය ඉල්ලීම් සදහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාලයක් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

කෙසේවෙතත් අද දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බි.මැදිවත්ත මහතා සඳහන් කළේය.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

09 - උතුරු මැද පළාත
13 - මධ්‍යම පළාත
14 - සබරගමුව පළාත
15 - වයඹ පළාත
16 - දකුණු පළාත
20 - ඌව පළාත
21 - බස්නාහිර පළාත
යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත.