හදිසි ඖෂධ මිලදීගැනීමේදී රෙගුලාසි කඩකළේ නෑ - සෞඛ්‍ය ඇමති

හදිසි ඖෂධ මිලදීගැනීමේදී රෙගුලාසි කඩකළේ නෑ - සෞඛ්‍ය ඇමති

December 28, 2022   08:54 pm

හදිසි ඖෂධ මිලදීගැනීමේ ක්‍රියාවලියේදී කිසිවිටෙකත් හදිසි ප්‍රසම්පාදන රෙගුලාසි කඩකිරීමක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලත් සමාගම්වලින් ඖෂධ ආනයනය කරන බවට පෙරටුවාදී සමාජවාදී පක්ෂය සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අද මේ බව සඳහන් කළේය. 

මෙරටට ඖෂධ ආනයනයේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවා නොමැති සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම හරහා අකටයුතු කමක් සිදුවන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළකළේය.