ඉරානයේ විරෝධතා අතරතුර මියගිය ගණන ඉහළට
සයුරෙන් එතෙර

ඉරානයේ විරෝධතා අතරතුර මියගිය ගණන ඉහළට

November 13, 2022   12:21 pm

ඉරානයේ පැවැති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 326 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආරක්ෂක අංශ විසින් විරෝධතා මර්දනයට ගත් ක්‍රියාමාර්ග අතරතුර මියගිය පුද්ගලයින් අතර ළමුන් 43 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු වන බව මානව හිමිකම් සංවිධාන පෙන්වාදී ඇත.

කාන්තාවන් සඳහා වන ඇඳුම් පැළඳුම් නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මාහ්ෂා අමීනී නම් තරුණිය මියයාමත් සමග රටපුරා මෙම විරෝධතා ක්‍රියාත්මක කෙරුණි.