ශ්‍රී ලංකාවට යෙන් මිලියන 500ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට යෙන් මිලියන 500ක ප්‍රදානයක්

August 18, 2022   03:40 pm

ශ්‍රී ලංකාවට ජපාන යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය එකඟතාවය පළකර තිබේ.

ජපන් ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා එම ප්‍රදානය ලබාදීමට නියමිතය. 

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මෙම ප්‍රදානය ලබාදෙන අතර එහි ශ්‍රී ලංකා රුපියල්වලින් වටිනාකම රුපියල් මිලියන 1,265කි.

ඉහත ප්‍රදානයට අදාළ ලේඛන හුවමාරුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති, මිසුකොෂි හිදෙයකි මහතා අතර අද (18) සිදුවිය.

ඒ යටතේ Angio-CT යන්ත්‍රයක් සහ අනිකුත් විකිරණ උපකරණ, අක්ෂි උපකරණ, ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල, දන්ත වෛද්‍ය ඒකක 15ක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක්, හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ප්‍රදානය කෙරේ.