උවිඳුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

උවිඳුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

August 18, 2022   02:07 pm

කෘෂි, නිෂ්පාදන සහ සේවා ආර්ථිකය ඇතුලේ වැඩකිරීම හරහා රට බේරාගැනීමට තරුණ පිරිස පෙරට ආ යුතු බව දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර පවසයි.

ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා.

"අපි අලුතින් හිතන්න ඕන, අලුත් පරම්පරාවක්, අපි බැන බැන ඉන්න තව අවුරුදු හතරක් පහක් නාස්ති කළොත් අපේ දරු පරම්පරාවටත් වෙන්නේ බැන බැන ඉන්න. ලස්සන ගෙයක් තිබ්බා හොඳ සශ්‍රීක ගෙයක් තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි ළමයි ටිකකුයි හිටියා. ටික කලක් යද්දී තාත්තා සුරාවටයි සූදුවටයි ඇබ්බැහි වුණා. දැන් තාත්තා සුරාවටයි සූදුවටයි ඇබ්බැහි වෙලා ගෙදර ඔප්පුව උගස් තියලා. ඒකෙනුත් සූදු කෙළලා අරක්කු බිව්වා. දැන් ගේ සින්න වෙන්න යන්නේ. දැන් බැංකුවේ මහත්තයා ඇවිල්ල ගෙදර අයිතිය ඉල්ලනවා,. සාධාරණයි නේ. තාත්තා උගස් තියලා. දැන් අම්මයි දරුවෝ ටිකයි පාරට වැටෙන්න යන්නේ. මං මේ මොකක් ගැනද කියන්නේ. මම මේ කතාකරන්නේ ඔබත් මමත් ජීවත්වෙන අපේ මව්බිම ගැන. කවුද මේ තාත්තා 74ක් රට පාලනය කරපු දේශපාලනඥයා. මේ ගෙදර තමයි අපේ මව්බිම. මේ අම්මා සහ දරුවෝ කියන්නේ මේ ඔබ සහ මම. දැන් අපි පාරට වැටෙනවා කවුද වික්කේ තාත්තා. මේ දේශපාලනඥයෝ මේ රට උගස් තිබ්බා. හම්බන්තොට වරාය අපේ නෙවෙයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික අපේ නෙවෙයි. රුසියාවෙන් තෙල් අඩුවට අරගෙන ඉන්දියාව අපේ තෙල් ටැංකි ටිකේම දාලා සියයට 10ක් IOC එකට අයිතියි ඒකෙන් අපිටම දෙනවා."

"කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බෑ කියනකොට බටහිර ජැටිය අත්පත් කරගන්නවා. ඌව වෙල්ලස්සෙන් ඉඩම් අක්කර ගණන් අත්පත්කරගන්නවා.  ත්‍රිකුණාමල වරාය අත්පත්කරගන්නවා. පෝට් සිටි එකක් හැදුවා තාම දන්නේ නෑ ඒකෙ අයිතිය කාටද කියලා. මේ රටේ සම්පත් මේ අපිට නැතිවෙන්නේ. මෙන්න තාත්තා ගේ උගස් තිබ්බා දැන් අපි බැංකුවේ මහත්තයාට බැනලා වැඩක් තියෙනවාද ? කවුද මේ බැංකුවේ මහත්තයා. අන්න චීනය, අන්න ඉන්දියාව, අන්න අමෙරිකාව මේ තමයි බැංකුවේ මහත්තයා. දැන් බැංකුවේ ලොකු මහත්තයාට බැන්නට වැඩක් නෑ. තාත්තා ගේ උගස් තිබ්බේ, දැන් එහෙනම් අපි මොකක්ද කරන්න ඕන. මම කිව්වනේ අර ගෙදර ඉන්නවයි කියලා අම්මත් පාරට වැටෙන්න නොදී ගෙදර ඉන්නවා කර දඬු උස්මහත් වෙච්ච තරුණයෝ පස් හයදෙනෙක්. දැන් මේ තරුණයෝ පස් හයදෙනාට වෙලා තියෙන එකම දේ තමයි. බැංකුවේ ලොකු මහත්තයාට ගල් ගහන එක නෙමෙයි. වැඩක් නෑ නේ බැංකුවේ ලොකු මහත්තයාට ගල් ගහලා. එහෙනම් මේ කරදඬු උස්මහත් වෙච්ච තරුණයෝ මේ ඔබත් මමත් අපිට තියෙනවා කාර්ය භාරයක් කොහොමහරි දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බකරලා. ගේ උගස බේරගන්න ඕන. අන්න මම කිව්ව මේ කාරණාව කෘෂි ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකය, සේවා ආර්ථිකය ඇතුලේ අපි වැඩකරලා සල්ලි ටිකක් අරගෙන මේ විකුණපු රට බේරාගන්න අවශ්‍යයයි, ඒක තමයි දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ."