මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

May 10, 2024   10:18 am

රාගම පොලීසියට ලද තොරතුරක් අනුව මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ඒ රාගම වල්පොල බටලන්ද ප්‍රදේශයේදීය.

එහිදී මෝටර් රථය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 102යි මිලිග්‍රෑම් 940ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු රාගම කැන්දලියැද්ද ප්‍රදේශයේ පදිංචි 'බාස් රොෂාන්' නමින් හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවද පොලීසිය සඳහන් කරයි.

අදාළ සැකකරු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවද හෙළිවී ඇත.