තවත් කොරෝනා මරණ 05ක්

තවත් කොරෝනා මරණ 05ක්

August 17, 2022   04:25 pm

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 05ක් අද දිනයේ වාර්තා කර තිබේ.

මියගොස් ඇති ආසාදිතයින් අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයෙකු සිටින අතර මියගොස් ඇති අනෙක් පුද්ගලයින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටී.