ධානිෂ් අලී ට ඇප

ධානිෂ් අලී ට ඇප

August 15, 2022   11:54 am

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.

සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඇප මත නිදහස් වීමෙන් පසුව කුරුඳුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියම කර තිබේ.