ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක්, විශාල පිරිසක් මරුට

ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක්, විශාල පිරිසක් මරුට

August 14, 2022   06:52 pm

ඊජිප්තුවේ දේවස්ථානයක ඇතිවූ ගින්නකින් 40කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ 5,000ක් පමණ පිරිසක් දේවමෙහෙයට එක්ව සිටියදී විදුලි කාන්දුවකින් එම ගින්න ඇතිවී තිබෙන බවය.

මියගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බව වාර්තා විය.

ගින්න හේතුවෙන් දේවස්ථානයේ ප්‍රධාන දොරටුව අවහිර වී ඇති අතර එහිදී ඇතිවූ තෙරපුම හේතුවෙන් සමහරු මියගොස් තිබුණි.