මට වැරදුණා - කථානායක

මට වැරදුණා - කථානායක

July 11, 2022   07:36 pm

ජනපතිවරයා දිවයිනෙන් පිටව ගොස් ඇති බවට BBC පුවත් සේවයට ලබාදුන් ප්‍රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පස්වරුවේ BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවද කථානායකවරයා එහිදී BBC පුවත් සේවයට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී කථානායකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා තවමත් රට තුළ සිටින අතර BBC පුවත් සේවයට ලබා දුන් ප්‍රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බවය.