පිලිපීනයේ මාධ්‍ය නිදහස අඳුරේ
සයුරෙන් එතෙර

පිලිපීනයේ මාධ්‍ය නිදහස අඳුරේ

June 29, 2022   12:10 pm

පිලිපීනයේ ප්‍රධානතම ගවේෂණාත්මක වෙබ් අඩවිය වසාදමන ලෙස බලධාරීන් අදාළ වෙබ් අඩවිය හිමි සමාගමට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.      

නොබෙල් සාම ත්‍යාගය දිනූ මාරියා රෙසා එම වෙබ් අඩවියෙහි නිර්මාතෘය.

රැප්ලර් නම් එම වෙබ් අඩවිය ජනාධිපති රොද්‍රිගෝ ඩියුටර්ටේ ගේ රජය සම්බන්ධයෙන් විවේචනාත්මක පුවත් පළකළේය.

ජනාධිපති ඩියුටර්ටේ ඉදිරිදින කිහිපයේදී ධුරයට සමුදෙන අතර ඔහුගේ මිත්‍රයෙක් ලෙස සැලකෙන ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (කනිෂ්ඨ) එම ධූරයේ වගකීම බාරගැනීමට නියමිතය.

නමුත් රැප්ලර් වෙබ් අඩවිය පවසන්නේ ඔවුන් වෙබ් අඩවිය වසා නොදමන බවත් බලධාරීන්ගේ තීරණයට එරෙහිව අධිකරණයට යන බවය.