පෞද්ගලික බස්රථ ධාවනය සියයට 10ට බසී

පෞද්ගලික බස්රථ ධාවනය සියයට 10ට බසී

June 29, 2022   11:41 am

‍ඉන්ධන ගැටලුව හේතුවෙන් අද (29) දිනයේ පෞද්ගලික බස්රථ ධාවනය සියයට 10ක් පමණ දක්වා අඩු වී ඇති බව පෞද්ගලික බස් සංගම් පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට බලධාරීන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම තුළ බස් ධාවනය අඩාල වී ඇති බවය.

මෙම තත්ත්වය තුළ ඉදිරි දින කිහිපයේදී පෞද්ගලික බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව පෞද්ගලික බස් සංගම් පවසයි.

අද දිනයේ අධිවේගි මාර්ගවල ද බස්රථ ධාවනය අඩාල වී තිබූ බව වාර්තා වේ.