චීනයෙන් සහල් තොගයක්

චීනයෙන් සහල් තොගයක්

June 29, 2022   09:41 am

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබේ.

බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම සහල් තොගය පාසල් 7,900ක ළමුන් ලක්ෂ 11ක් සඳහා මාස 06ක කාලයක් සඳහා ලබාදීමට චීන රජය විසින් ප්‍රදානය කර ඇති බව එම තානාපති කාර්යාලය පවසයි.

ඊට අමතරව තවත් සහල් තොග දෙකක් ඉදිරි සතිය තුළ ලබාදීමට නියමිත බව ද සඳහන්ය.

ඊට අමතරව මෙරට පාසල් ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.