පොකුණක ට වැටී තුන් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

පොකුණක ට වැටී තුන් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

June 29, 2022   08:25 am

නිවසක් ඉදිරිපිට පිහිටි මාළු ඇතිකරන පොකුණකට වැටී 03 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (28) සවස් කාලයේදී පන්විල පොලිස් වසමේ කැලෑබොක්ක උඩ කොටස, මඩුකැලේ ප්‍රදේශයෙන් මෙම අනතුර වාර්තා වී ඇත.

එම කුඩා දරුවා නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම පොකුණට වැටී ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය මඩුල්ලකැලේ රෝහලේ තැන්පත් කර ඇති අතර පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.