මෙරට ආර්ථිකය සියයට 1.6කින් පසු බසී

මෙරට ආර්ථිකය සියයට 1.6කින් පසු බසී

June 29, 2022   08:05 am

2022 වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.6 කින් පසුබැසීමට ලක්වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව විසින් 2022 පළමු කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සහ ස්ථාවර මිල (2015) යටතේ දළ දේශීය නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර අදාළ නිවේදනය නිකුත් කර ඇත.

ඉන්ධන ආනයනයට මතු වූ විවිධ බාධා හේතුවෙන් බොහෝ නිෂ්පාදන, ඉදිකිරීම හා සේවා කර්මාන්තවල නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති අතර සමස්තයක් ලෙස කාර්මික අංශය ද සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම අර්බුධකාරී තත්ත්වය යටතේදී වුවද සේවා අංශය 2021 පළමු කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුව තුළ ඉතා සුළු ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.