පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 9ක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 9ක්

June 12, 2022   08:00 am

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 09ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
 
අද (12) සිට 15 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේය.

අද අලුයම 12.40 ට සහ රාත්‍රී 9.00ට කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 02ක් ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.

13 වැනි දා ද අලුයම 3.30 ට, පස්වරු 12.40 ට, පස්වරු 04.40ට, පස්වරු 06.00ට සහ රාත්‍රී 09ට විශේෂ දුම්රිය ගමන්වාර අනුරාධපුරය දක්වා ක්‍රියාත්මක වේ.

අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ද අදාළ කාලය තුළ මගීන්ගේ පැමිණීම අනුව විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.