ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

June 5, 2022   03:14 pm

ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට අදාළ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,850 දක්වා ඉහළ ගොස් ඇත.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,740 දක්වා වැඩි වී තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී ද ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය මිල රුපියල් 4,199ක් දක්වාත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,680ක් දක්වාත් ඉහළ දමා තිබුණි.

මේ අතර, ලාෆ්ස් ගෑස් බෙදහැරීමේ කටයුතු අද (05) සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වුණි.

එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසුවේ, ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවෙන් ඊයේ (04) රාත්‍රී සිට ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකළ බවය.

ඒ අනුව, අද සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට මූලිකත්වය ලබාදෙමින් අනෙකුත් සෙසු ප්‍රදේශ සඳහා ලාෆ්ස් ගෑස් බෙදහැරීම ක්‍රමානුකූලව සිදුකරන බව ඔහු පැවසුවේය.