කම්කරු කාර්යාලය සෑම සිකුරාදාවකම වැසේ

කම්කරු කාර්යාලය සෑම සිකුරාදාවකම වැසේ

June 1, 2022   05:25 pm

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම්දෙනතුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව එළඹෙන 03 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලුම දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇති.