ලෝක බැංකුවෙන් ඩොලර් මල්ලක්

ලෝක බැංකුවෙන් ඩොලර් මල්ලක්

May 18, 2022   11:23 am

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ දී ඉන්ධන ගැටලුව පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

"අපිට එක ප්‍රශ්නයයි තියෙන්නේ, පෙට්‍රල් ගැන. ඒවා විසඳන්නයි මෙතනට ආවේ. පෙට්‍රල් ගැන දැන් කතා කරගෙන යනවා. පෙට්‍රල් නැවකුත් අපිට ගන්න පුළුවන් ද කියලා. දැනට ලෝක බැංකුවෙන් ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බවුණා. එ් 160 තෙල්වලට යොදවන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් අවස්ථාව දෙන්න තෙල්වලට යොදවන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ඒත් මිලියන 30ක් ගෙවන්න බැරි වුණ නිසා හිරවෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳන්න තමා මෙතනට ආවේ. ඒකයි දෙපැත්තේම සහයෝගය ඉල්ලන්නේ. රජයේ සේවකයින්ට ප්‍රශ්නයක් වුණොත් කතා කරලා ඒ ආධාර මුදල දෙන එක ගැන බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ."

මේ අතර යුක්‍රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකයේ පොහොර හිඟයක් ඇති බවත් එයට මුහුණදීමට අපට සිදුවන බව ද පැවසු අගමැතිවරයා, මිල වැඩිකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇතැයි ද කියා සිටියේය.

"දැනට අනුයුක්ත කරලා තියෙන්නේ පොහොර ඔක්කෝම ගෙනල්ලා දෙනවා. නමුත් මම හිතන්නේ නෑ සම්පූර්ණයෙන්ම රටට උවමනා පොහොර දැනට තියෙනවා කියලා. අපිට තියෙන්නේ මහ කන්නයට සම්පූර්ණයෙන්ම පොහොර ලබාගන්න. මම කතා කළා අපේ තානාපතිවරුන්ට. අපිට තියෙනවා යම්කිසි කාලයක්. ඒ කාලේ තමා අපිට අමාරුම කාලය වෙන්නේ. එතනට මුහුණදෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න."

ප්‍රශ්නය - පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,

අද තියෙන තත්ත්වය අනුව එන මාස 12ට අපිට ඩොලර් බිලියන 5 හමාරක් විතර ගෙවන්න තියෙනවා. අපි හාට් ඩිෆෝල් වුණොත් අපිට කොච්චර මුදලක් එකවර ගෙවන්න සිදුවෙනවා ද? ඔබතුමාගේ වැඩපිළිවෙල මොකද්ද ?

"ඇත්ත වශයෙන්ම එන සතියේ, සම්පූර්ණ වාර්තාවක් මම සකස් කරනවා. ඇත්ත කියන්න සමහර ඒවායේ තොරතුරු නෑ. නැත්නම් තොරතුරු වැරදියි. සමහර විට මේ සභාවට බලන්න සිද්ධවෙනවා කොහොමද මේ තොරතුරු ලැබෙන්නේ කියලා. ඔක්කෝම එකතු කරලත් නෑ. මම දන්නවා නමුත් හරියට ඒ මිල මට කියන්න බෑ. කොහොම වුණත් බිලියන 1ක් වුණත් බිලියන 10 වුණත් ගෙවන්න මිලියනයක්වත් නෑ. ඕකයි අපිට මුහුණදෙන්න තියෙන තත්ත්වය."