අමරකීර්ති අතුකෝරළ ජීවිතක්ෂයට

අමරකීර්ති අතුකෝරළ ජීවිතක්ෂයට

May 9, 2022   06:27 pm

නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද මියගොස් ඇතිබව ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි.

එම අවස්ථාවේදී ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ වෙඩි තැබීමක් සිදුව ඇති බවද තොරතුරු වාර්තා විය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබේ.

රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ ඒ අතර සිටින පුද්ගලයෙකුගේ තත්ත්වයද බරපතළ බවය.