කොටස් වෙළෙඳපොළ කඩාවැටෙයි

කොටස් වෙළෙඳපොළ කඩාවැටෙයි

April 25, 2022   11:25 am

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කටයුතු අද (25) දිනට අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළේය.

එහි කටයුතු අද උදෑසන ආරම්භ කෙරුණේ සතියකට පසුවය.

නමුත් ගනුදෙනු ආරම්භවී විනාඩියක් වැනි කෙටිකාලයකදී "එස් ඇන්ඩ් පී එස් එල් 20" දර්ශකය දැඩි ලෙස කඩා වැටුණි.

ඒ අනුව ගනුදෙනු තාවකාලිකව නවතා නැවත උදෑසන 11 ඇරඹීය.

නමුත් ගනුදෙනු අපේක්ෂා කළ පරිදි වර්ධනය නොවීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු අද දිනට නවතා දැමීමට බලධාරීන් ට සිදුවිය.

ඒ වනවිට "එස් ඇන්ඩ් පී එස් එල් 20" දර්ශකය පෙර ගනුදෙනු දිනට සාපේක්ෂව 10%කින් පමණ කඩාවැටී තිබුණි.