බිරිඳ බේරගන්න යුක්‍රේනයට එරෙහිව යුද වැදුණු අපේ එරන්දගේ කඳුළු කතාව

බිරිඳ බේරගන්න යුක්‍රේනයට එරෙහිව යුද වැදුණු අපේ එරන්දගේ කඳුළු කතාව

May 15, 2024   09:14 pm

රුසියානු මිනිස් ජාවාරමට හසුවී දැඩි දුෂ්කරතාවයන්ට ලක්වූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

එරන්ද චින්තක තෙන්නකෝන් නම් ඔහු යුධ බිමේදී වෙඩි වැදී යළි මෙරටට පැමිණ තිබුණේ ඉකුත් 9 වැනිදාය.

ඔහු අද දෙරණට පැවසුවේ රුසියාවේ වෙනත් රැකියාවක නියැලෙමින් සිටියදී රුසියානු කුලී හමුදාවට එක්ව යුදබිමේදී හිසට වෙඩිවැදුණු බවය.

මින් දෙදිනකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ඔහු සැත්කමකට භාජනය කර තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

රුසියානු යුධ බිමේදී එරන්දගේ නළලට වෙඩි වැදීමත් සමග ඔහු රෝහල් ගත කර තිබූ අතර එහිදී ඔහු රෝහලෙන් පැනගොස් සිය මිතුරෙක් මාර්ගයෙන් මෙරටට පැමිණ තිබේ.

ලියුකේමියා රෝගයකින් පෙළුණු සිය බිරිඳගේ ශල්‍යකර්මය සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එරන්ද රුසියානු කුලී හමුදාවට බැඳුනත්, ඔහු මෙරටට පැමිණීමටත් පෙර පසුගිය මාර්තු මාසයේදී බිරිඳ මෙලොවින් සමුගෙන තිබුණි.