header logo
SLIC
උණුසුම් පුවත්
හෙදියකගේ ව්‍යාජව සැකසූ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කළ සමාජ ජාල අපරාධකරුට වැඩ වරදියි
Feb 28, 202204:05 PM
හෙදියකගේ ව්‍යාජව සැකසූ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කළ සමාජ ජාල අපරාධකරුට වැඩ වරදියි
Mobitel 1278

තරුණියකගේ ව්‍යාජ ඡායාරූප නිර්මාණය කර ඒවා සමාජ ජාලවලට මුදාහැරී අපරාධකරුවෙකුට එරෙහිව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතී.

පසුගිය 21 වනදා දින අදාළ නඩු තීන්දුව ලබාදී ඇත්තේ මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.

මෙහිදී මහියංගනය මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලක්ෂ්මන් මහතා සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සැකකාර පරිඝනක සමාජ ජාල අපරාධකරුවෙකුට ලක්ෂ අටක වන්දි මුදලක් සමග වසර එකහමාරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළේය.

වෘත්තීමය හෙද නිලධාරිණියකට එරෙහිව සැලසුම් සහගතව සිදුකළ සයිබර් අපරාධයක් සම්බන්ධයෙන් අදාළ සැකකරුවාට මෙලෙස දඬුවම් නියමකර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලකට අනුයුක්තව සේවයේ නියුතුව සිටින අදාළ හෙද නිලධාරිණිය 28 හැවිරිදි වියේ පසුවෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ බෙහෙවින්ම දියුණු තාක්ෂණය භාවිත කළ තියුණු පර්යේෂණයක් හේතුවෙන් ඇයට සාධාරණය ඉටුකරදීමට නීතියට අවස්ථාව ලැබුණි.

තම පාසල් ප්‍රේමය හේතුවෙන් ජීවිතයේ විඳින්නට සිදුවූ අමානුෂිකම අත්දැකීම් රැසකට මුහුණදීමට ඇයට සිදුවී ඇත.

සමාජය තුළින් ම නැගුණු දෝෂයන් මැඩගෙන නීතිය නැමති අවියෙන් අපරාධකරු සහමුලින්ම පරාජය කළ ඇය නියත වශයෙන්ම වීරවරියකි.

වර්ෂ 2015 දී සිය පාසල් ප්‍රේමය නිමවීමත් සමඟ ඇයට විඳීමට සිදුවූ මෙම අමානුෂික අත්දැකීම් ගොන්නේ ආරම්භය සිදුවිය.

ප්‍රේමය පරිත්‍යාගය නොව කෙසේ හෝ තමන් සතුකරගැනීම පමණකි යන්න මුල්බැසගෙන ඇති සමාජයේ එය සාමාන්‍ය සිදුවීමක් වුවද ඇයට අත්විඳීමට සිදුවූ දෑ නම් අසාමාන්‍ය අමානුෂික දේ වීම කණගාටුවට කරුණකි.

ප්‍රේමය නිමා වීමෙන් කලකට පසුව ඇය අධ්‍යාපනය නිසි පරිදි නිමකර හෙද වෘත්තියට ඇතුලත් වෙයි.

රටට, හෙටට තවකෙකුට අභිවෘද්ධිය සලසන්නට සැකසුණු මෙම නව තාක්ෂණයේ වැඩකරුවෙකු වූ මෙම සාහසික අපරාධකරු තම අමානුෂික ක්‍රියාදාමය අරඹා ඇත්තේ ඉන් පසුවය.

තම තාක්ෂණ දැනුම උපයෝගී කරගත් සැකකරු සියල්ලන් අසරණ කළ ද අවසානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සුපිරි තාක්ෂණික වැඩකරුවන් ඉදිරියේ ඔහු මේ වනවිට අසරණ වී ඇත.

ඒ ඔහු කළ කී දෑ සියල්ල හෙළිවීමත් සමඟය.

මේ වනවිට හෙද වෘත්තියට ඇතුළත් සිටින අදාළ තරුණියගේ හෙද නිල ඇඳුමින් සැරසුණු ඡායාරූප සහ වෙනත් නිරුවත් ඡායාරූප ගෙන සකස් කෙරුණු ඇල්බමයක් අපරාධකරු විසින් මුල්වරට සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබීය.

මෙම සිද්ධිය වනවිට ඌව පළාතේ රෝහලක සේවය කරමින් සිටි අදාළ හෙද නිලධාරිණිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව පොලිසිය වෙත යාමට තීරණය කළේය.

කෙසේ වෙතත් තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට ඇය ගත් පළමු උත්සාහයෙන් සැකකරු ගැලවීයන්නේ තම තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් පර්යේෂකයින් නොමග යවමිනි.

අනතුරුව තරුණියගෙන් පළිගැනීමට තිර අධිෂ්ඨාණයෙන් යළි මිදීයන සැකකරු සිය අමානුෂික කර්තව්‍ය වඩාත් තීව්‍ර ලෙස කරගෙන යයි.

කොරෝනා වසංගත කාලසීමාවක් තුළ තමන්ට විඳින්නට සිදුවූ මෙම අත්දැකීම් අපගේ කතා නායිකාව විස්තර කළේ මෙලෙසින්.

"2020 දී මට දරාගන්න බැරිවුණ සිද්ධියක් වුණා. මගෙ ෆේස්බුක් ගිණුමේ පළවුණු හෙදියක් ලෙස මගෙ නිල ඇඳුමින් ගත් ඡායාරූප, සාමාන්‍ය ඇඳුමින් ගත් ඡායාරූප සහිතව සංස්කරණය කළ නිරුවත් ඡායාරූප එකවර පළවෙන්න ගත්තා. මේ ව්‍යාජ ගිණුම හදාගෙන සිටි පුද්ගලයා මගෙ ෆේස් බුක් ගිණුමේ සිටින මිත්‍රයින්, මගෙ නෑදෑයින්, නුවර මගෙ ගමේ අය, වෘත්තීයේ අය විශේෂයෙන් මිතුරු ඉල්ලීම් හරහා එකතු කරගෙන ඒ ගිණුම ඔස්සේ මේ ඡායාරූප පළකරන්න පටන් ගත්තා. ඒ එක්කම මේ තැනැත්තා ඒ සංස්කරණය කළ දේ අසභ්‍ය වෙබ් අඩවිවලටත් එකතු කළා. පෞද්ගලික වට්ස්ඇප් ගෘප්වල සංසරණය කළා".

"හෙදියක් ලෙස මගෙ නිල ඇඳුමින් ලබාගත් ඡායාරූප සමග පළවුණු මේ ඡායාරූප පෙළ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකට අයත් ගිණුමක පළවීමත් සමගම ඒවා වයිරල් වුණා. නර්ස් කෙනකුගෙ ෆොටෝ ලීක් වෙලා... එහෙම තමයි කතාව ගියෙ. මේ අපරාධය කරන්නෙ කවුද කියලා මා හොඳින්ම දැනගෙන හිටියා. මගෙ පාසල් ප්‍රේමය. මගෙ සමහර ඡායාරූප තිබුණෙ ඔහු ළඟ. ඒ වනවිට ඔහු මගේ ජීවිතයේ වැදගත් හැම අවස්ථාවක්ම ඉලක්ක කරගෙන මට ප්‍රහාර එල්ල කරමින් හිටියෙ".

"ඔහු වෙබ් ඩිවලොපර් කෙනෙක්. තාක්ෂණය ගැන ඉහළම දැනුමක් ඇති කෙනෙක්. ඒ නිසාම ඉතාම සූක්ෂමව සිය තාක්ෂණික දැනුම, කාලය යොදවමින් මේ විනාශය කළා. ඔහු කවදාවත් අධිකරණයක් ඉදිරියට නොයනු ඇතැයි විශ්වාසයක් ඔහුට තිබුණා. මගෙ තාත්තා නෑ. අම්මයි මල්ලියි ඉන්නෙ. මල්ලි ඉගෙන ගන්නවා. මට මේ අපරාධයට එරෙහි වෙන්න බෑ කියලත් ඔහු හිතුවා".


"මේ සියල්ල එක්ක මට පීඩනය දරාගන්න බැරි වුණා. ඒ වනවිට කොවිඩ් වසංගතය උත්සන්න වුණු වෙලාව. මා වැඩ කලේ කොරෝනා වාට්ටුවක. රාජකාරි මට්ටමින් පවා විනය පරීක්ෂණ තියන්න සූදානම් වුණා. ගෙදර අය මා නිවැරදියි කියලා දැනගෙන හිටියා. ඒත් අම්මා මේක ගත්තෙ පුදුම වේදනාවකින්. මල්ලි මාත් එක්ක කතා නොකර හිටියා. යාලුවො මාව අත්හැරියා. සමහර ළඟින් හිටපු අය අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා. ඒත් මගෙ වටේ මට ශක්තියක් වෙන්න පිරිසක් ඉතිරි වුණා. මට ආත්ම ශක්තිය ඇති කරගන්න ඒ පිරිස ප්‍රමාණවත් වුණා."

පසුව එවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යාංශය වෙත සාධාරණත්වය වෙනුවෙන් ඇය පියනැගුවාය.

එහිදී ලැබුණු මගපෙන්වීම් අනුව සිදුකළ විමර්ශනවලට අනුව 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවටගනු ලැබීය.

සමාජ මාධ්‍ය අපරාධ අංශයේ විශිෂ්ඨ නිලධාරීන් ෆේස්බුක් සමාගමත් සමඟ සම්බන්ධ වී තොරතුරු රැස්කර අපරාධකරුට බිඳිය නොහැකි ලෙස සාක්ෂි රැස්කර තිබුණි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත අදාළ දුරකථන සමාගම්වලින්ද සිද්ධියට සම්බන්ධ තොරතුරු රැස්කර තිබුණි.

නඩු තීන්දුවෙන් අනතුරුව අපේ කතානායිකාව අවසාන වශයෙන් මෙලෙස පැවසීය.

''ඔබ මෙවැනි අපරාධයක වින්දිතයෙක් නම් කරුණා කරලා වෘත්තිකයන්ගෙන් පමණක් උපදෙස් ගන්න. නීතිය ඉදිරියට යන්න. මානසිකව නොවැටි මේ සිදුවීම්වලට වඩා දෙයක් වෙන්න ගිහින් ඔබ බේරුණා කියලා හිතන්න. ඔබේම පෞද්ගලික ඡායාරූපයක්ම වුණත් ඔබේ අවසරයකින් අනුදැනුමකික් තොරව කිසිවකුට අවභාවිත කරන්න බෑ. එය නීතියෙන් බරපතළ වරදක්. ඔබට අවශ්‍ය ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ආත්ම විශ්වාසය පමණයි. කිසි කෙනකුට තමන්ගෙ ජීවිතය කඩාකප්පල් කිරීමට නම් ඉඩදෙන්න එපා. ලංකාවෙ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්න තිබුණත් අප වෙනුවෙන් පෙනී ඉන්න අතළොස්සක් හරි ඉන්නවා. ජීවිතයට ඒ ඇති.''

මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනූජා නිමාලි රාමනායක මහත්මිය මෙලෙස පැවසුවාය.

"කාට හරි මෙහෙම අසාධාරණයක් වෙනවා නම් ජීවිතය ගැන වැරදි තීරණයක් ගන්න එපා. ගැහැණු විදිහට අපි ශක්තිමත්. නිවැරදි බව ඔප්පු කරන්න ඕන තරම් නීතියෙන් අවස්ථාව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවෙන් සම්පූර්ණ සහාය දක්වනවා.කෙනෙකුට මුදලට නීතිඥ සහාය ගන්න බැරි නම් නීති ආධාර කොමිසම තිබෙනවා. පිරිසිඳු දෑතින් එන කෙනා පැත්තෙ නීතිය ඉන්නවා"

සිද්ධිය සම්බන්ධයෙන් අවසාන වශයෙන් අදහස් දැක්වූයේ මෙම නඩුව ගොනුවන විට ළමා හා කාන්තා කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රියන්ත ජයකොඩි මහතා ය.

''බොහෝ විට සමහර අය හිතනවා සයිබර් අවකාශය තමන්ට ඕනෑ විදිහට භාවිත කරන්න පුලුවන් කියලා. ඕනෑම මාධ්‍යක් භාවිත කර කෙනෙක්ව හිංසනයට ලක් කිරීම, අපහසුතාවට, අවමානයට ලක් කරන ආකාරයකට පාවිච්චි කරන්න බෑ. ඒක සමස්ථ මාධ්‍යටම පොදු නීතියක්. එය මාධ්‍ය ශික්ෂණයක් සහිත මාධ්‍යවේදීන් සමාජයට වඩා හොඳින් දන්නවා. එසේ නොවන පිරිසක් සමාජ මාධ්‍ය ජාල තුළ වෙබ් අඩෙවි තුළ කරන විනාශය අපත් කම්පනයට පත්කරන සුලුයි".

"ඒ අර්ථයෙන් මේක විශිෂ්ට නඩු තීන්දුවක් . සමාජ මාධ්‍යවල පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය විනාශ කරන ආකාරය වළක්වා ගන්න මේ නඩු තීන්දුව ඉවහල් වේවි. රුපියල් ලක්ෂ 08ක් වන්දියක් සහ වසර එක හමාරක සිර දඬුවමක් සුලු පටු දණ්නයක් නොවේ".

"දැන් මේ සමාජ මාධ්‍ය අවභාවිත කරන අශීලාචාර පුද්ගලයින්ට මා මේ පණිවිඩය දිය යුතුයි. අමෙරිකානු ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පරිගණක මෙහෙයුම් පද්ධතියක් පැය 24 පුරාම දැන් ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ පැය 24 පුරාම ඔවුන් සයිබර් අවකාශය නිරීක්ෂණය කරනවා. ළමයින්ට හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩතවය, ලිංගික හිංසනය හැම තත්පරයකම නිරීක්ෂණය වෙනවා. පුරුද්දක් ලෙස මේ අපරාධ කරන අයට ලැබෙන මුල්ම අවස්ථාවෙදි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා සයිබර් අවකාශය පරෙස්සමෙන් පරිහරණය කරන්න.''

(උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත)

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව