ජීවිතයක් අහිමි කළ මාරක අනතුර - CCTV දර්ශන සහිතයි
November 3, 2025 09:48 pm
මොරගහහේන නගරය ආසන්නයේ දී ත්රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් ත්රිරෝද රථ රියදුරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.
ත්රිරෝද රථය හොරණ දෙස සිට මොරගහහේන නගරය දෙසට ධාවනය වී අතර නගරය ආසන්නයේ දී එකවරම මාර්ගයේ පෙරළෙමින් ප්රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස් මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබේ.
බරපතළ තුවාල ලැබූ ත්රිරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
					