නිරෝධායන නීති කැඩු තවත් පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩු තවත් පිරිසක් අත්අඩංගුවට

January 29, 2021   08:04 am

නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2680 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පසුගිය පැය 24 තුළ සිදුකළ පරීක්ෂාවකදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට පටහැනිව කටයුතු කළ බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 103ක් හඳුනාගෙන ඇත.

එම කාලය තුළ ආයතන 910ක් පරීක්ෂාවට ලක්කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.