දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

January 28, 2021   07:29 am

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබේ.

වසරේ පළමු පුර පසළොස්වක පොහොය දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය ලක්වාසීන් සියලුම දෙනාට වැදගත්වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය අද වැනි දිනක සිදුවීමය.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත අදවන් දිනයක බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේශධාතු මිටක් දන්දුන් අතර එම කේශධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.

අද දිනයේදී බෞද්ධ ආගමික කටයුතු සිදු කිරීමේදී සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ කොවිඩ් -19 වෛරස ආසාදිතයන් හමුවීම හේතුවෙන් සෑම ප්‍රදේශයකම ජනතාව සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසයි. 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය කටයුතු ද අදට යෙදී තිබේ.