මැනිං වෙළෙඳපොළ යළිත් වැසීමට හේතුව

මැනිං වෙළෙඳපොළ යළිත් වැසීමට හේතුව

November 9, 2020   05:27 pm

අද දිනයේ විවෘත කිරීමට නියමිතව තිබූ පිටකොටුව මැනිං වෙළෙඳපොළ යළිත් වරක් නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කළ බව පොලීසිය පවසයි.

ඒ එම ස්ථානයේ සේවකයින්ගේ සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව යම් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“කොළඹ පිටකොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ අද දින විවෘත කිරීමට නියමිතව තිබුණත්, ඒ මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව සිටින නාටාමිවරුන්ගේ පීසීආර් පරීක්ෂණ, ප්‍රතිඵල අනුව යම් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වු නිසා අද දිනයේ දී මැනිං වෙළෙඳෙපොළ විවෘත කිරීමට නොහැකි වුණා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් මත පීසීආර් පරීක්ෂණ සහ සමීක්ෂණ සිදුකරනු ලබනවා. එසේ ඒ සමීක්ෂණ සිදුකර නැවත බලධාරීන් නිර්දේශයක් ලබා දෙන තුරු මැනිං වෙළෙඳෙපොළ විවෘත කිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටින්නේ. ඒ අනුව මැනිං වෙළෙඳපොළ ආශ්‍රිතව හා එයට භාණ්ඩ රැගෙන එන අනෙක් අයට දැනුම්දීමක් කරන්න කැමතියි. සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වෙන තුරු, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලැබෙන තුරු මැනිං වෙළෙඳපොළ නැවත විවෘත වෙන්නේ නෑ. ඉන්පසුව එය විවෘත වෙන දිනයක් පසුව දැනුම් දීමට නියමිතයි.“