ලංකාවේ කඩොලාන පරිසර පද්ධතියට වී ඇති විනාශය

ලංකාවේ කඩොලාන පරිසර පද්ධතියට වී ඇති විනාශය

July 26, 2020   07:24 am

ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය විශාල වශයෙන් විනාශ වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මෙරට මුළු වර්ග ප්‍රමාණයෙන් 0.23ක් වන කඩොලාන පරිසර පද්ධතිය, ලෝක සංරක්ෂණ දත්ත අනුව හෙක්ටයාර 30,000කට වැඩි ප්‍රමාණයකින් විනාශ වී ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි.

මීගමුව සිට පුත්තලම දක්වා වන වෙරළ තීරය තුළ පවතින කඩොලාන පරිසර පද්ධතිය විනාශ වීමේ වැඩි අවදානමකට පත්ව තිබෙන බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

අද (26) ට යෙදෙන ලෝක කඩොලාන දිනය නිමිත්තෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සහ කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ.